අග්‍රාමාත්‍යවරිය චීන අලුත් අවුරුදු සැමරුම


(යොහාන් භාසුර)

මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය එක්ව චීන අලුත් අවුරුදු උත්සවය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීය

එහි සමාරම්භක උළෙල කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන්  නිකුත් කළ  සුබ පැතුම් පණිවිඩය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය උත්සව සභාවට ඉදිරිපත් කළාය.

චීන සංස්කෘතිකාංග සමගින් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රි ලංකාවේ චීන තානාපති, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි  යන මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සහ චීන ජාතිකයින් පිරිසක් එක්ව සිටියහ.