අගමැතිටත් නව ඇමති ධූරයක්


(සුජිත් හේවාජුලිගේ සහ අජන්ත කුමාර අගලකඩ)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නව අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද උදේ දිවුරුම් දුන්නේය.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ අගමැතිවරයා මෙම නව අමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුවය.