( තිළිණි ද සිල්වා )
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාළව සාක්කි දීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට (23) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිත බව එම කොමිසම සඳහන් කරයි.
ඒ අනුව අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට (23) පෙරවරු 10.30ට කොමිසම හමුවේ පෙනී සිටින බව එම කොමිසමේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව සාක්කි ලබා ගැනීම සඳහා ඉකුත් 18 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් කොමිසම අග‍්‍රාමාත්‍යවරයාට නිකුත් කළ අතර එදින් තමාට පෙනී සිටිය නොහැකි බැවින් ලබන නොවැම්බර් 16 පසු දිනයක් තමන්ට ලබා දෙන ලෙස අගමැතිවරයා මීට පෙර අගමැති ලේකම් මඟින් කොමිසමට දැනුම් දී තිබිණි.
නමුත් තමන්ට කොමිසම හමුවේ පෙනී සිටිය හැකි බව අග‍්‍රමාත්‍යවරයා යළිත් කොමිසමට දැනුම් දී ඇති අතර ඒ අනුව හෙතෙම කොමිසම හමුවේ පෙනී සිටිනු ඇත.
අග‍්‍රාමාත්‍යවරයා මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඞී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු වී තිබූ පැමිණිල්ලකට අදාළව අග‍්‍රමාත්‍යවරයා ඉකුත් සැප්තැම්බර් 16 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටිමින් සාක්කි ලබා දුන්නේය.

