අගමැති වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්


 (නිමන්ති රණසිංහ)

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවිය  සයිබර් ප‍්‍රහාරකයින් ග‍්‍රහණයට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

අග‍්‍රාමාත්‍යවරයාගේ නිල වෙබ් අඩවිය  මෙලෙස හැකරුන්ගේ ග‍්‍රහණයට ලක්ව තිබූ අයුරු නිරීක්ෂණය වන බවත්, මේ හරහා එම වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් සිදුවන බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

ඒ අනුව අග‍්‍රමාත්‍යවරයාගේ වෙබ් පිටුවට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවකට හරවා යැවෙන බවත්, මෙයින් සයිබර් ප‍්‍රහාරකයින් පරිගණක දත්ත සොරා ගැනීම සදහා වන මෘදුකාංග කිහිපයක් ස්වයංකී‍්‍රයව බාගත වන ලෙස නිර්මාණය කර තිබූ අයුරුද නිරීක්ෂණය වූ බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කර ඇත.