( තිළිණි ද සිල්වා )
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාළව පැය එකහමාරකට ආසන්න කාලයක් දෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කොමිසමෙන් පිටව ගියේය.
අද (23) පෙරවරු 10.30ට අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුරේෂා ද සිල්වා මහත්මිය සහ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි කොමසාරිස්වරුන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දීමෙන් පසුව මධ්‍යහ්න 12.15ට පමණ කොමිසමෙන් පිටව ගියේය.
අග‍්‍රාමාත්‍යවරයා මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඞී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු වී තිබූ පැමිණිල්ලකට අදාළව අග‍්‍රමාත්‍යවරයා ඉකුත් සැප්තැම්බර් 16 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටිමින් සාක්කි ලබා දුන්නේය.
අග‍්‍රමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා සහ නීතීඥ දිනේෂ් විදානපතිරණ යන මහත්වරු අද දින කොමිසමේ පෙනී සිටියහ.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගණයක වී ගබඩා කිරීමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු කර ඇති පැමිණිල්ලට අදාළව සාක්කි ලබා ගැනීම සඳහා ඉකුත් 18 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් කොමිසම අග‍්‍රාමාත්‍යවරයාට නිකුත් කළ අතර එදින් තමාට පෙනී සිටිය නොහැකි බැවින් ලබන නොවැම්බර් 16 පසු දිනයක් තමන්ට ලබා දෙන ලෙස අගමැතිවරයා මීට පෙර අගමැති ලේකම් මගින් කොමිසමට දැනුම් දී තිබිණි.
නමුත් තමන්ට අද (23) කොමිසම හමුවේ පෙනී සිටිය හැකි බව අග‍්‍රමාත්‍යවරයා යළිත් කොමිසමට දැනුම් දී ඇති අතර ඒ අනුව අගමැතිවරයා කොමිසම හමුවේ පෙනී සිටියේය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)


