(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති ''2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන රෙගුලාසි නමින් ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම රෙගුලාසි අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉංජිනේරුවරයෙකු හා වෘත්තීය ජාතික පෙරමුණ සංවිධානයේ ලේකම් කපිල රේනුක පෙරේරා මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්මක් ගොනු කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා , නාගාරික සංවර්ධන අධිකාරිය ඇතුළ පිරිසක් නම් කරනු ලැබි සිටිති.
නීතීඥ දර්ශන වේරදූවගේ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ සදහන් වේ.
පෙත්සම්කරු වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකි.හෙතෙම වෘත්තීය ජාතික පෙරමුණ සංවිධානයේ ලේකම්වරයාද වේ.පෙත්සම්කරු නීතියේ ආධිපත්‍යය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබද උනන්දුවක් දක්වන අයෙකි.පෙත්සම්කරු කොළඹ නගර ආර්ථික කොමිසම් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනකු කර ඇති අයෙකුද වේ.
අග්‍රමාත්‍යවරයා විසින් ඉකුත් ජූලි 08 වැනිදා ''2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන රෙගුලාසි නමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
මෙම රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයේ ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට , නාගරකි සංවර්ධන අධිකාරී සහ ප්‍රාදේශි සභා පනත් වලට පටහැනි වේ.
මෙවැනි රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට ආග්‍රමාත්‍යවරයාට කිසිදු බලයක් නොමැත.මෙම නව රෙගුලාසි හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බොහෝ දුෂ්කරතා වලට මුහුණු පෑමට සිදු වේ.ඒසේම පරිපාලන ගැටලු රැසක්ද ඇතිවේ.
මෙම රෙගුලාසි වල 99 වගන්තිය අනුව , යම් ගොඩනැගිල්ලක අයිතිකරුවෙකු මෙම රෙගුලාසි කඩ කළ හොත් ඔහු නීතිමය වරදක් කළා සේ සැලකේ.මෙම රෙගුලාසිය මුළු මහත් ජනතාවගේම අයිතිවාසිකම් කඩ කිරීමක් සිදු වේ.
ඔනෑම සංවර්ධන ව්‍යාපෘතියක අනුමැතිය අත්හිටුවීමට නාගරික සංවර්ධන අධිකාරියට මෙම රෙගුලාසි මගින් බලය ලබා දී ඇත.එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානයන් උල්ලංඝනය වේ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , එම රෙගුලාසි ක්‍රියාත්මක වීම බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

