(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
අකුරණ දුනුවිල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී 56 උණ්ඩ 11 ක්, ජංගම දුරකථන 29 ක් යුද හමුදා ජැකට්ටුවක් හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2070 ක්, තහනම්, පිහි 07ක් සමග රුපියල් 17040 ක මුදලක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අලවතුගො පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු සමඟ අත්අඩංගුවට පත් අනෙක් පුද්ගලයා විශ්‍රාමික යුද හමුදා සාමාජිකයකු බවට පොලිසිය අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලිම සිදුකර ඇත.

