
(රංජිත් රාජපක්ෂ)
අකුණු ගැසීමත් සමග ඇති වු කම්පනයකින් සහ පිලිස්සුම් සුළු තුවාල ලැබු වතු කම්කරුවන් 17 දෙනකු අද දහවල් කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සාවිත්‍රි ශර්මා මහත්මිය පවසයි.
කොටගල ඩ්‍රෙටන් තේ වත්තේ වැඩ කරමින් සිටියදි අද උදැසන 10.30 ට පමණ එම වත්තේ සවි කර ඇති යකඩ කුළුණකට අකුණු සැර වැදී ඇත.
අකුණු සැර වැදිමත් සමග ඒ අසල වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් එසේ තුවාල ලබා ඇතැයි දිස්ත්‍රික් වෛද්‍යවරිය කීවාය.



