(ප්‍රදීප් කුමාර)
මුලතිව්, පුදුකුඩියිරිප්පු කාලියඩි , වෙල් යායක වැඩ කරමින් සිටි ගොවියෙකු අකුණු සැර වැදී මරණයට පත්ව ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අරුමෙයිනායගම් යශෝදරන් නමැති වයස අවුරුදු 42 ක් වන පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.
එම පුද්ගලයාට අකුණු සැර වැදීමෙන් පසු අවට සිටි පිරිස් ඔහු වහාම පුදුකුඩියිරිප්පු රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඔහු ජිවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි සදහන් කරයි.