අක්ෂි රෝහලේ ඇඳ මකුණන් නිසා රෝගීන් වෙනත් වාට්ටුවලට


(නිමල කොඩිතුවක්කු)
     
ජාතික අක්ෂි රෝහලේ වාට්ටු කිහිපයකට ඇඳ මකුණන් බෝවීම හේතුවෙන් ඒවායේ සිටි නේවාසික රෝගීන් වෙනත් වාට්ටු වලට මාරු කර යවා තිබේ.


ඇඳ මකුණන් බෝවීම වැළැක්වීමේ පියවරක් ලෙස රෝගීන්ට නිවෙස්වලින් කොට්ට, ඇ ඇතිරිලි ආදිය රැගෙන ඒමද රෝහල් බලධාරින් විසින් තහනම් කර ඇත.


මකුණන් කෑම නිසාත් වාට්ටු මාරු කිරීම නිසාත් රෝගීන් සහ රෝහල්  කාර්යමණ්ඩලය දැඩි අපහසුතාවයට ලක්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදි ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය අයි. එල්. මොහොමඩ් රිෆාන් මහතා සඳහන් කළේ ඇඳ මකුණන් බෝවීම නිසා වසරකට දෙවතාවක් පමණ මෙලෙස වාට්ටුවලින් රෝගීන් ඉවත්කර බෙහෙත් දැමීමට සිදුවන බවයි.


කොහු මෙට්ට ඉවත් කර රෙක්සින් මෙට්ට යෙදුවද රෝගීන්ට ඒවා  පහසු නොවීම නිසා වාට්ටු හිස්කර මෙලෙස බෙහෙත් දැමිමට සිදුවන බව ඔහු සඳහන් කළේය.


රෝහල් කාර්ය මණ්ඩලයේ දැනුම්දීම මත මෙලෙස විටින් විට මකුණන්ට බෙහෙත් දැමීමට සිදුවන බව වෛද්‍යවරයා පැවසීය.