(ඉන්දිකා රාමනායක සහ සිතුම් චතුරංග)
යාපනය ,කයිට්ස්,ශාන්ත මේරි මාවතේ නිවසක ගින්නකින් පිළිස්සි මියගිය වයෝවෘද ෙ සහෝදරියන් දෙදෙෙකුගේ මළ සිරුරු සොයාගත් බව කයිට්ස් පොලිසිය පවසයි.
පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදි ගින්නකට හසුව සිය නිවස තුළ මියගිය කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගැනීමට හැකිවු බව පොලිසිය සඳහන් කළේය.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72 ක් හා 74 ක් වන කාන්තාවන් දෙදෙනකු වන බවට අනාවරණය වි ඇති අතර, මියගිය කාන්තාවන් දෙදෙනා අදාළ නිවසේ තනිව වාසය කොට ඇති බව පොලිසිය පැවසූහ.
මියගිය එක් කාන්තාවක් විවාහ වි සිට ඇති අතර, ඇයගේ ස්වාමියා හා දරුවාද මියයාමෙන් අනතුරු අදාළ කාන්තාව සිය සහෝදරිය සමඟ ජිවත්ව ඇති බවට අනාවරණයවූ බවත් කීය.
සිරුරු අසල පිළිස්සුනු ගිනිපෙට්ටියක්ද තිබී ඇති අතර මෙය ඝාතනයක්ද නැති නම් වෙනත් කාරණාවක්ද යන්න විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ මළ සිරුරු යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ(26) දිනයේ පැවැත්වීමට නියමිත බවයි.

