අක්කර භාගයේ මිරිස් වගාවෙන් කෝටියක ආදායමක්


(සමන් කේ. ගමගේ)

අනුරාධපුර  තිරප්පනේ  පුලියන්කුලම ග්‍රාමයේ  තරුණ ගොවි මහතකු මෙවර අක්කර භාගයක මිරිස් වගා කර රුපියල් ලක්ෂ 70ක් උපයා ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම මිරිස් වගාවේ අස්වනු තව දුරටත් නෙලමින් පවතින බැවින් එම ආදායම මිලියන 10 දක්වා ඉහළ නැංවීමට තමන්ට හැකි වෙතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම කීය.

 ඔහු නමින්බ බන්න්දුදුල මුණසිංහය,  කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය භාවිතා කරමින් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අක්කර භාගයක මෙම මිරිස් වගාව සිදු කර ඇත.

මහඉළුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දෙන ලද නවතම මිරිස් ප්‍රභේද දෙක වන MICH 1- හා MICH- 2 යන මිරිස් ප්‍රභේදය වගා කිරීමෙන් මෙම වාර්තා ගත අස්වැන්න ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.

සාම්ප්‍රදායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය පැළ 6000ක් පමණ වුවත් මෙම අධිඝණත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමාණය 13,000ක් දක්වා ඉහළ ගොස් ඇත. එමනිසා ලබාගත හැකි අස්වැන්න කිහිප ගුණයකින් ඉහළ නංවාගැනීමට මෙම නව ක්‍රමය යටතේ හැකිවීම විශේෂත්වයකි.