අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුවා පොලිස් වෙඩි පහරින් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඝාතනයට  ලක්වූ බව කියන, අංගොඩ ලොක්කාගේ පාර්ශවයේ ප්‍රධාන වෙඩික්කරුවා වූ 'මල්වතු හිරිපිටිය චමින්ද එදිරිසූරිය' හෙවත් 'චමියා' නැමැත්තා පොලිස් වෙඩි පහරින් මියගිය බව පැහැදිලි ගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පොලිස් නිලධාරින් සමඟ මල්වතු හිරිපිටිය පෙදෙසෙහිදී ඇති වූ වෙඩි හුවමාරුවකදී ඔහු මිය ගොස් ඇතිබවද, එහිදී පොලිස් නිලධාරියෙකුගේ අතකට  වෙඩී  වැදි ඔහුද  රෝහල් ගත කර ඇති බවද පොලිස් නිලධාරියා කියාසිටියේය.