VAT ගැසූ සරුංගල් යාපනය අහසේ


(රොමේෂ් මධුෂංඛ)

තෛපොන්ගල් උදාවෙන් පසුව  යාපනය වැලවැටිතුරෙයි සරුංගල් සැණකෙළිය  විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අද දහවල් පැවැත්විණි.

යාපනය වැල්වැටිතුරෙයි විග්නේශ්වරා ක්‍රීඩාංගනයේ සහ මුහුදු තීරයේදී පැවති මෙම සරුංගල් සැණකෙලිය විග්නේස්වරා ජනසමූහ සමාජය විසින්  සංවිධානය කර තිබිණි.

වෙහෙසට පත් වූ ගොවියාගේ හා ධීවරයාගේ විඩාව සංසිඳවා ගැනීමේ අරමුණින් සම්ප්‍රදායක් ලෙස සරුංගල් සැණකෙලිය පවත්වන බැවට යාපනය වැල්වැටිතුරෙයි ජනතාව පැවසීය.

කෙසේ වෙතත් පසුගියදා ලොවම කතාබහට ලක් වූ ටයිටන් සබ්මැරීනය ආදි විවධ මාතෘකා යටතේ කරත්ත, මාළිගාවන්, සත්ව රූප ආදී විවිධ අනුරූ ආකාරයට ඉතා විශාල ප්‍රමාණයේ සරුංගල් රැසක් සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කොට තිබිණ.