MediHelp hospitals


ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය නුගේගොඩ සහ ඒ අවට ප‍්‍රදේශ වෙත ගුණාත්මක තත්වයේ සෞඛ්‍ය සේවා ලබා දීමේ අරමුණෙන් MediHelp hospitals හි සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා සමඟ හවුල්කාරිත්වයකට එළඹුණි. මෙම නව හවුල්කාරිත්වය හරහා 132 එස්. ද එස්. ජයසිංහ මාවත, නුගේගොඩ යන ලිපිනයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ජනතාව සඳහා දැරිය හැකි මිලකට උසස් තත්වයේ මූලික සෞඛ්‍ය සේවා ලබා ගත හැකි වනු ඇත.

අභියෝගාත්මක ආර්ථික පසුබිම තුළ ඵැාසයැකච රෝහල් සමූහය සිය සේවා ජාලය රට පුරා ව්‍යාප්ත කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම සහතික කිරීම සඳහාය. MediHelp රෝහල් සමූහය Central Medical Centre ප‍්‍රතිසංස්කරණය කර නවීනතම වෛද්‍ය උපකරණ සහ පහසුකම් සමඟ ඊට නව මුහුණුවරක් ලබාදෙනු ඇත. නුගේගොඩ MediHelp hospitals වෙතින් ලබා ගත හැකි සේවාවන් පිලිබඳව වැඩි විස්තර 0112 281281 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

වසර ගණනාවක් පුරා ඵැාසයැකච රෝහල් සමූහය එහි සේවාවන් රෝගීන්ගේ රෝගීතත්වයන්ට ගැලපෙන අයුරින් උපරිම සෞඛ්‍ය සේවාවක් සැපයීම වෙනුවෙන් ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් කණ්ඩායමක් යොදවා ඇත. MediHelp රෝහල් සමූහයේ ඇති ඉඩකඩ සහිත නවීන පහසුකම් හේතුවෙන් රෝගීන් අතර අංක එකේ තේරීමක් බවට මේ වන විට පත්ව ඇත.

” Central Medical Centre මෙන්ම විශේෂයෙන් දශක හතරකට අධික කාලයක් සුව සේවා ක්ෂේත‍්‍රය තුළ කීර්තිමත් ගෞරවනීය චරිතයක් වූ වෛද්‍ය සරත් පරණවිතාන මහතා සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. ශ‍්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක රෝගීන් විශ්වාසය තබා ඇති සෞඛ්‍ය සේවා විශේෂඥයකු මෙන්ම වෛද්‍යවරයකු සහ වසර 37කට අධික කාලයක් සෞඛ්‍ය සේවා විශිෂ්ටත්වය ලබාදීමේ පළපුරුද්ද ඇති රටේ වේගයෙන්ම වර්ධනය වන මූලික සෞඛ්‍ය සේවා ජාලය අතර ශක්තිමත් බැඳීමක් නිර්මාණය වී තිබෙනවා. මෙම හවුල්කාරිත්වය හරහා නුගේගොඩ සහ ඒ අවට නගරවල ජනතාවට විශ්වාසනීය, පූර්ණ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි වෙනවා.” යනුවෙන් Medihelp රෝහල් සමූහයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා පැවසුවේය.