(විමුක්ති එස් රුද්‍රිගු)
තායිවානයේ තායිපෙයි අගනුවරදී විශේෂ බර ඉසිලීමේ තරඟයක් පසුගිය 21 වැනිදා පැවැත්වුණු අතර එහිදී වයස අවුරුදු 90 ක පාර්කින්සන් රෝගයෙන් පෙළෙන ආච්චි අම්මා කෙනෙකු කිලෝ ග්‍රෑම් 35 ක් සිනාමුසු මුහුණින් ඉණ ළඟට ඔසවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එලෙස කිලෝ ග්‍රෑම් 35 එසවූ ක්‍රීඩිකාව නමින් චෙන්ග් චෙන් චින් මෙයි ය. පාර්කින්සන් රෝගයෙන් පෙළෙන චින් මෙයි බර ඉසිලීමේ ක්‍රීඩාවට 2023 වසරේ පිවිස ඇත. තමා පර්කින්සන් රෝගය පෙළෙන බව දැනගත් විට බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමුවීම සඳහා සිය මිණිපිරිය තමාව දිරිමත් කළ බව චින් මෙයි පැවැසුවාය. චින් මෙයි එලෙස කිලෝ ග්‍රෑම් 35 ක් ඔසවද්දී නරඹන්නන් අතර සිටි පරම්පරා තුනක් ඇයට ඔල්වරසන් දී තිබිණි.
මෙම බර ඉසිලීමේ තරඟය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44 දෙනෙකු වයස අවුරුදු 70 හෝ ඊට වැඩිවීම එහි විශේෂත්වය විය. එම තරඟය වට තුනකින් සමන්විත වී ඇති අතර එහිදී චින් මෙයි උපරිම කිලෝ ග්‍රෑම් 45 ක් බරක් ඔසවා ඇත. මෙම තරඟයේ අනෙක් විශේෂත්වය නම් චින් මෙයි මෙම තරඟයට සහභාගී වූ වයස්ගතම ක්‍රීඩිකාව නොවීමය.
අවුරුදු 92 පුද්ගලයකුද මෙම බර ඉසිලීමේ තරඟයට සහභාගී වී ඇත.