
(උපුල් හේරත් සහ බී.ජී.චතුරංග)
මිහින්තලේ කල්ලංචිය පොලිස් බල ප්‍රදේශයේ නිවසක හැට තුන් හැවිරිදි කාන්තාවකගේ ගෙල කපා මරණයට පත් කර ඇතැයි කල්ලංචිය පොලිසිය කියයි .
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අංක 220,දකුණු ඉවුර ,මහ කනදරාව ලිපිනයේ පදිංචිව සිටි ටී.බී.චන්ද්‍රාවති (63) නම් මවකි .
මෙම කාන්තාව ඊයේ (17) නිවසේ මුළුතැන් ගේ රැඳී සිටින විට තියුණු ආයුධයකින් ගෙල කපා මරා දමා ඇති බවට කල්ලංචිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
හේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) පැවැත් වීමට නියමිත බව කල්ලංචිය පොලිස් ස්ථානාධිපති වරයා සඳහන් කළේය.
කල්ලංචිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.එමි.ඒ.රාජරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මූලික පරීක්ෂණ ආරම්භ කර ඇත .

