48කගේ කොරියානු සිහිනය ‌බොද වෙයිද?


(විමුක්ති එස් රුද්‍රිගු)

කොරියාවේ රැකියා සඳහා නියමිත දින පිටත් නොවීම හේතුවෙන් ඊයේ (23) කොරියාව බලා පිටත්වීමට නියමිතව සිටි ශ්‍රමිකයන් 48 දෙනාගේ රැකියා අවදානමට ලක් විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා ඇත.

දකුණු කොරියාව බලා ඊයේ (23) රාත්‍රී පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල් 470 ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 10 ක කාලයක් ප්‍රමාද වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මේ පිළිබඳ දකුණු කොරියානු මානව සම්පත් ආයතනය සමඟ සාකච්ඡා කර ඔවුන් ලබා දෙන නව දිනය එම ශ්‍රමිකයන් 48 දෙනාට දැනුම් දීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.