(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරු නියාමක, දුම්රිය පාලක සහ ස්ථානාධිපතිවරු ලබන 24 දා මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇතැයි දුම්රිය මෙහෙයුම් අධීකරණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය.
දුම්රිය ශ්‍රේණි විෂමතා ඉවත් කිරිමට 2018 මැයි 16 දා අනුමත වූ කැබිනට් පත්‍රිකාව වහා ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් වර්ජනයේ යෙදීමට තීරණය කර තිබේ.

