22 වැනි සංශෝධනයට එරෙහිව 24 කොළඹදී විරෝධයක්


(නිමල කොඩිතුවක්කු)

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන 24 වැනිදා කොළඹදී කැඳවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ප්‍රගතිශීලි ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක වරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම අමතමිනි.