(ඩයනා උදයංගනී)
යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සියලු පක්‍ෂ සහාය දිය යුතු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අතීතයේ අඩුපාඩු මඟහරවා ගැනීමට, මහජන විශ්වාසය යළි ඇති කිරීමට සහ ආර්ථිකයේ නව පිබිදීමකට මෙය හොඳ ආරම්භයක් වනු ඇතැයි ද ඩලස් අලහප්පෙරුම මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
තනි පුද්ගල සහ දේශපාලන අවශ්‍යතා පෙරදැරි කරගෙන අතීතයේ දී ව්‍යවස්ථාවේ ඇතිකරගත් අඩුපාඩු මඟහරවා ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බව ද අලහප්පෙරුම මහතා එහි දක්වා තිබේ.