
(සුජිත් හේවාජුලිගේ )
වයස 20 ට වැඩි සියලු දෙනාට තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් ) ලබාදීමට රජය තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය.
වයස 20 ට වැඩි සියලු දෙනාට මේ අනුව ලබාදීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නතය.
තෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ෆයිසර් එන්නත මාත්‍රා එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇතැයිද චන්න ජයසුමන මහතා පැවසුවේය.

