අනතුරට පත් වී කඩා වැටුණු එයාර් ඉන්දියා 171 බෝයිං ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයේ සිටි දෙසිය හතලිස් දෙදෙනාගෙන් 204 දෙනකුගේ මළසිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව අහමදාබාද් පොලිසිය පවසයි.
යානය ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට පිටත් වී මිනිත්තු පහක් ඇතුළත කඩා වැටුණේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයක් පිහිටි ස්ථානයකටය.
අද (12) දහවල් සිදුවුණු මෙම ගුවන් අනතුරින් දිවි ගලවා ගත් අයකු මෙතෙක් හමුවී නැත.
යානයේ ඉන්දීය ජාතිකයන් 169 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 ක්, කැනේඩියානු ජාතිකයකු සහ පෘතුගීසි ජාතිකයන් හත් දෙනකු සිටි බව පැවැසෙයි.
මෙය ඉන්දීය ගුවන් යානා ඉතිහාසයේ සිදුවුණු දරුණුතම ගුවන් අනතුරක් ලෙස සැලකෙයි.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)