2020 විගණකාධිපති වාර්තාව කතානායකට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පසුගිය 2020 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව විගණකාධිපති ඩබ්. පී. සී වික්‍රමරත්න මහතා විසින් ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඊයේ  (28)  ඉදිරිපත් කරනු ලැබීය.

මේ අනුව අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, අධිකාරී, මණ්ඩල හා ව්‍යවස්ථාපිත  අරමුදල්, පළාත් සභා, පළාත් පාලන ආයතන, විදේශ ආධාර ව්‍යාපෘති ඇතුළු ආයතනවලට අදාළව සිදුකළ විගණනයන් පිළිබඳ විස්තර මෙම වාර්තාව මගින් කාණ්ඩ 9 ක් යටතේ  ඉදරිපත්  කෙරෙනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවේ.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවෙන්  විගණකාධිපතිවරයාට පැවරී ඇති කාර්යභාරයට අනුව 2020 වසරට අදාළව මෙම විගණන වාර්තාව කතානායකවරයාට මෙසේ ඉදිරිපත්  කරනු ලැබීය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද  ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද   සහභාගී වූහ.