2019 ලෝක රූ රැජින කිරුළ ජැමෙයිකාවේ ටෝනි ඈන්ට


2019 ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමට ජැමෙයිකාවේ ටෝනි ඈන් සිංග් සමත් වූවාය.
 
ලන්ඩන් නුවර ‘එක්සෙල් ලන්ඩන්‘ ශ්‍රවනාගාරයේ දී රූ රැජින අවසන් තරගය පැවැත්විණි. 
 
ජැමෙයිකාව ලෝක රූ රැජිණ කිරුළ දිනාගත් සිව්වන අවස්ථාව මෙයවේ.
 
මෙවර තරගයේ තෙවන ස්ථානය ස්ථානය හිමි කර ගත්තේ ඉන්දියාව නියෝජනය කළ 21 හැවිරිදි සුමන් රාඕ ය. දෙවන ස්ථානය ප්‍රංශයේ 20 හැවිරිදි ඔෆෙලි මැසිනෝ හිමිකර ගත්තාය.
 
ටෝනි ඈන් 23 හැවිරිදි තැනැත්තියකි. ඇයට  එම කිරුළ පැළඳුවේ පසුගිය වසරේ ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගත් මෙක්සිකෝවේ වැනේසා පොන්ස් මෙනෙවිය විසිනි.
 
ලෝක රෑ රැජිණ කිරුල දිනාගන්නා තැනැත්තිය ලන්ඩන් නුවර සංචාරය කිරීම සාම්ප්‍රදායිකාව පැවත එන්නකි.
 
ලොව දැවැන්තම සහ පැරණිම රූ රැජිණ තරඟය වන්නේ ලෝක රූ රැජිණ තරඟයයි. 1951 වර්ෂයේදී එක්සත් රාජධානියෙන්  ඇරඹි මෙය ලන්ඩන් නුවරදී පැවැත්වුයේ 69 වැනි වරටයි.
 
(125)