19 වැනි සංශෝධනයට පණදීමේ වගකීම කථානායක භාරගනී


(යොහාන් භාසුර)

වර්තමාන අර්බුදයට විසඳුමක් ලෙස බොහෝ දෙනෙක් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය නැවත බලාත්මක කිරීමේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුවේ යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානයක මහින්ද යාපා ආබේවර්ධන මහතා පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

සංශෝධන සහිත 19 වැනි සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදි්රිපත් කළ හොත් සම්මත කරගැනීමට මාස අටක පමණ කාලයක් ගතවන බව කී උදය ගම්මන්පිල මහතා යෝජනාව ඉදිරිපත්කිරීමෙන් පසුව ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර එය ආණ්ඩුවේ යෝජනාවක් ලෙස ඉදිරිපත්කිරීමට කථානායකවරයා කටයුතු කරන බව ද සඳහන් කළේය.

කථානායක මහින්ද යාපා ආබේවර්ධන මහතා සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද (18) පැවැති විශේෂ හමුවේදී එම පොරොන්දුව ලැබුණු බවත් ගම්මන්පිල මහතා වැඩි දුරටත් කීය.