
(සුමිත් පොතුපිටිය)
වාද්දුව, පොහද්දර මුල්ල මුහුදු වෙරළේ අයිස් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය පාසලක 17 හැවිරිදි සිසුවියක සහ ඇයගේ 30 හැවිරිදි පෙම්වතා අද (04) අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් පෙම් යුවල වාද්දුව ප්‍රදේශයේම පදිංචි දෙදෙනකු බවද පොලිසිය කීය.
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වාද්දුව, පොහද්දරමුල්ල වෙරළ තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 20 ක් සහ පානය කරන උපාංග සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
සැකකාර තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, ඇය හොරණ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට සහභාගීවී නිවසට පැමිණෙන අතරතුර , සැකකාර පෙම්වතාට පානය කිරීමට ආරක්ෂාවට සන්තකයේ තබාගත් බවය.
සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇද්ද යන්න ? සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමටත්, ඉන් අනතුරුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතව තිබුණි.
මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

