(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගාලුමුවදොර මුහුදේ විනෝදයට දිය නාමින් සිටි පිරිමි ළමයෙක් දියේ ගිලී මියගොස් ඇතැයි කොටුව පොලීසිය කියයි
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි 15 හැවිරිදි පිරිමි ළමයෙකි
තවත් ලමුන් තිදෙනකු සමඟ දියනාමින් සිටියදී ගසාගෙන යාමේදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් දරුවා බේරා ගෙන ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත

