(රෝෂන් තුෂාර)
වසර දහතුනක් තිස්සේ දිවා ආහාරය ලබා දුන් හෝටල් හිමියාගේ බිරිඳට කෑම වෙල ලබාදීමට පරක්කු වූයේ යැයි පවසමින් මන්නා පහරක් ඔලුවට දී බරපතල තුවාල සිදුකළ යාචකයකු ලබන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.
මාර්ටින් ලියනගේ නමැති යාචකයක වූ මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා යාචකයා සම්බන්ධයෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසටද පොලිසියට නියෝග කළේය.
හෝටල් හිමියා වෙනුවෙන් නීතිඥ මංජුල පතිරාජ මහතා අධිකරණයේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.
ස්වාමීනී කොළඹ රථ වාහන පොලීසිය අසල හෝටලයක් පවත්වාගෙන යන මගේ සේවා දායකයා මෙම විත්ති කූඩුවේ ඉන්න යාචකයාට හැමදාම කන්න බොන්න දෙනවා.දැනට අවුරුදු දහතුනක් මොහුට ආහාර වේල ලබල දීලා තියෙන්නේ මෙම කඩ හිමියා.මොහු හැමදාම එකම වෙලාවට තමයි හෝටලයට එන්නේ.මේ කියන දවසේ කෑම පිඟාන දෙන්න විනාඩි දහයක් විතර පරක්කු වෙලා තියෙනවා.මොහු මහියංගණය පැත්තේ වැඩිහිටි නිවාසයක ඉඳලා පැනලා ආපු කෙනෙක්,කෑම වේල දෙන්න පරක්කු වුනා කියලා උරණ වෙච්ච මොහු මන්නෙ අරන් කඩ හිමියාගේ බිරිඳට ඔලුවට ගහලා ඇසට උඩින් වැදුන නිසා යන්තම් ජීවිතේ බේරිලා.මොහුට ඇප ලබා දෙනවාට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි.කොහේ ගියත් මොහු කරකැවිලා ඉන්නේ ඔතනට. කිසිල්වත්ත පොලිසිය හා අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉහත නියෝග නිකුත් කළේය.

