12 දරුවා අපයෝජනය කළාට වසර 12 හිරේට


(ටෝනි කරුණානායක)

කඩවත පොලිස් වසමේ දී අවුරුදු 12 බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුට බරපතළ වැඩ ඇතිව වසර 12 ක සිරදඬුවමක්  මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය.

එම සිර දඬුවමට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද නියම කෙරුණි අගතියට පත් සිසුවාට රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද නියම කෙරුණි .

දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 06 ක සිර දඬුවමක්ද වන්දි මුදල් නොගෙවන්නේ නම් එක් වසරක සිර දඬුවමක් ද නියම විය .

කොලොන්න ඕමල්පේ ස්ථිර පදිංචිකරුවකු වන විතාරණගේ කීර්ති සම්පත් නැමැති (අවු.27) විත්තිකරුට මෙසේ බරපතල වැඩ ඇතිව සිර දඬුවම් දඩ සහ වන්දි මුදල් ගෙවීමට නියම විය .

2015 වර්ෂයේ මැයි මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ඉහත චෝදනා සිදුකර තිබුණි .