119 සමග සෙල්ලම් කළ තරුණිය කූඩු


(ඉන්දිකා රාමනායක)

දංකොටුව පොලීසියට ප්‍රහාරයක් එල්ල වන බවට හදිසි ඇමතුම් අංශයට (119) බොරු ඇමැතුමක් ලබාදුන් 25 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

සැකකාරිය දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද පොලිසිය කියයි.

සිය වැඩිමල් සොහොයුරිය ගේ දුරකතන උපයෝගි කරගෙන සැකකාර තරුණිය මෙම ව්‍යාජ ඇමතුම ලබා දී ඇති බවද හෙතෙම කීය.