10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මැරෙන්න පෙර හරි යයි


ලියුකේමියා රෝගය උත්සන්නවී අසාද්‍යව සිටින 10 හැවිරිදි ඇමෙරිකා ජාතික එමා එඩ්වර්ඩ්ස්ගේ ජීවිතයේ  එක් සිහිනයක් ඇය මිය යෑමට පෙර සැබෑ කර දීමට ඇයගේ මාපියෝ කටයුතු කළහ.

එමා එඩ්වර්ඩ්ස් කුඩා කළ සිටම ඇයගේ හොඳම මිතුරා වන 10 හැවිරිදි ඩැනියෙල් මාෂල්ර් සමග විවාහ වීමට සිහින මවා ඇත.

එමාට ජීවත්වීමට වැඩි කාලයක් නොමැති වීම හේතුවෙන් ඇයගේ මාපියන් එමාගේ සිහිනය සැබෑ කර දීමට පසුගිය දා කටයුතු කර තිබිණ.

ඒ අනුව  එමා එඩ්වර්ඩ්ස් සහ ඩැනියෙල් මාර්ෂල් ක්‍රිස්ටෝෆර් විවාහ ගිවිසගෙන ඇති අතර විවාහ ගිවිස ගැනීමෙන් දින 12 කට පසුව එමා අවාසනාවන්ත ලෙස මිය ගියාය.

එමාගේ මාපියන් පවසා ඇත්තේ තම දියණිය ලියුකේමියා රෝගය පාරද කරා වී යැයි තමන් බලාපොරොත්තු වූවත් ඇයට එය කිරීමට නොහැකි බව  වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බවයි.

ඒ හේතුවෙන් ඇයගේ ජීවිතයේ තිබූ එකම සිහිනය සැබෑ කර දීමට කටයුතු කළ බව එමාගේ දෙමාපියන් පවසා ඇත.

595