'ලෝක බැංකුවේ සහය අවශ්‍ය බව ජී.එල්. කියයි


(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලි රටවල් පිරිනමන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහාය මෙරටට අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කළමනාකාරිණිය වන චියෝ කන්ඩා මහත්මියගෙන් ඉල්ලා සිටි බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.  

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කළමනාකාරිණිය ලෙස කටයුතු කරන චියෝ කන්ඩා මහත්මිය සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතර හමුවක් ඉකුත් 27 වෙනිදා පැවැත්වින.එහිදී ලෝක බැංකු ශ්‍රී ලංකා කාර්යාලය ආසියානු සංවර්ධන බැංකුව,ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අනිකුත් සංවිධාන සමග කටයුතු කරන බවත්, ඔවුන් ක්‍රියාත්මක කරන ව්‍යපෘති ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීමට ඔවුන් දිරිමත් කරන බවත් චියෝ කන්ඩා මහත්මිය පැවසුවාය.ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් 700 පමණ මුදලක් ලබා දීමට බලාපොරොත්තු වන බව චියෝ කන්ඩා මහත්මිය ප්‍රකාශ කළාය.