'ජූනි මාසයේ ඉන්ධන ආනයනට ඩොලර් මිලියන 554 ක් අවශ්‍යයි'


(යොහාන් භාසුර)

ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 554 ක් පමණ අවශ්‍ය බවත් එම අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100 ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමයෙන් ලැබෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.  

ඉන්ධන ආනයන සඳහා අවශ්‍ය ඉතිරි ඩොලර් මිලියන 454 ක මුදල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සමග අද (30) පෙරවරුවේ සාකච්ඡා කළ බවත් ඉන්දියානු රජය සමග නව ණය යෝජනා ක්‍රමයක් පිළිබඳව ද සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.