ජනවාරි 08 ජයග්‍රහණයේ අයිතිකරුවන්ටත් අවස්ථාව අහිමිවෙලා - අජිත් පී. පෙරේරා


ජනවාරි 08 ජයග්‍රහණයේ අයිතිකරුවන් වන අපට එම ජයග්‍රහණය භුක්ති විඳීමට හැකියාවක් ලැබී නැතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.


‘දිනන ජනතාවගේ මැයි රැළිය‘ මැයෙන් මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය ආරම්භ කරමින් අජිත් පී. පෙරේරා මහතා පැවසීය.


“එම ජයග්‍රහණයේ නියම අයිතිකරුවන් වන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු රටේ ජනතාව තාමත් දුකෙන් සිටින බව පක්ෂයේ නායකත්වය දන්නවා“යැයි ඒ මහතා පැවසීය.


නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නට අයිතිය ඇත්තේ සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර මහතා හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනය පෝෂණය කළ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවද පෙරේරා මහතා කීවේය.


එජාප මැයි දින පෙළපාලිය මරදානෙන්  ඇරඹෙයි

2017 මැයි 01 වන සඳු, ප.ව. 01:57

එජාප මැයි දින පෙළපාලිය මීට ටික වේලාවකට පෙර මරදානෙන් ආරම්භ විය. ඒ පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු නායකයන්ගේ ප්‍රධානත්වයෙනි.පෙළපාළියේ ගමනාන්තය කැම්බල් පිටියයි.

කැම්බල් පිටියේ දී එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය පැවැත්වීමට නියමිතය.