’ශාක්‍ය රාජධානිය’ ඉදිකරන්න කොරියානු සමාගමක් සමග අවබෝධතා ගිවිසුමක්


(අකිල බද්දෙවිතාන)

පිළියන්දල' කහපොළ ප්‍රදේශයේ ප්‍රතිනිර්මාණය කෙරෙන 'ශාක්‍ය රාජධානිය' පිළිබඳව කොරියානු Ilchon Chon සංවිධානයේ සභාපති කිම් සියොන්ග් ක්‍යු (Kim Seong Kyu) හිමියන් හා කොරියානු ආයෝජකයන් පිරිසක් සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම බුද්ධශාසන අමාත්‍යංශයේ දී අද(23) පෙරවරුවේ සිදුවිය.

බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට කොරියානු Ilchon Chon Corporation ආයතනයේ සභාපති හිමියන් සහ එම සංවිධානයේ සාමාන්‍යාධිකාරී චා සුන්ග්, බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ, ලයිට් ඔෆ් ඒෂියා පදනමේ සභාපති නවින් ගුණරත්න මහතා, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සමන් වීරමන්, ශාක්‍ය ජනපද ව්‍යාපෘතියේ කළමනාකරු සරත් හේමචන්ද්‍ර, මිලින්ද පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.