මුහුදු රකුසා පල්ලියවත්ත දූපත ගිලගනී


පද්මා කුමාරි කංකානම්ගේ 

කල්පිටි අර්දද්දීපයට අයත්,පල්ලිය වත්ත දූපත බරපතළ ලෙස මුහුදු ඛාදනයට ලක්වෙමින් පවහින බැව් වාර්තා වේ.  මේ හේතුවෙන් බකිංහැම් පැලස්,අරලිය ගහ මන්දිරය ඇතුලු ධීවර නිවාස සහ වාඩි රැසක් ද මුහුදු ඛාදනයට ලක්ව ඇත.  දූපත සිතියමෙන් මැකී යන තරමටම මුහුදු ඛාදනය වැඩිවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

කල්පිටිය ජෙටියේ සිට කිලෝ මීටර 33ක් දුරින් පිහිටි මෙම දූපත බත්තලංගුන්ඩුව දූපතට කිලෝ මීටර තුනක් දුරින් පිහිටා ඇත. ඉන්දියාවේ රාමේශ්වරම් මුහුදු තීරයට කිලෝ මීටර අසූවක දුරකි.

හෙක්ටයාර හැටයි දශම අටයි නවයක බිම් වපසරියකින් යුතුව,ධීවර පවුල් පන්සියයකට පමණ සෙවන සැලසූ පල්ලිය වත්තේ බිම් වපසරියේ  මේ වන විට   හතරෙන් එකකට පමණ අඩු වී ඇතැයි දූපත්වාසී ධීවර ප්‍රජාව පවසති.  

 මේ පිළිබදව පුත්තලම දිසා ලේකම් චිත්‍රා නන්ද මහතාගෙන් විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ,මෙම දූපත් මුහුඩු ඛාදනය පිළිබදව වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඇතුළු  අදාල බළධාරීන් දැනුම්වත් කර ඇතිබවය.