(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ ඒ.ජේ.එම් මුසම්මිල් මහතා එම තනතුරේ වැඩ බාර ගැනීම අද (6) පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු කෙරිණි.
පසුගිය 4 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට මුසම්මිල් මහතා පත් කරන ලදී.
ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ බිරිඳ ෆෙරෝසා මුසම්මිල් මහත්මිය ඇතුළු පවුලේ ඥාතීහු හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු දේශපාලන නියෝජිතවරු රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.




