(උපුල් තම්මිට)
මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සමරා රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කළ උතුරු මැද පළාත් රණවිරු සැමරුම අද (16) අනුරාධපුර රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රණවිරු සැමරුම සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පොපහාර දැක්වීම සිදු කැරිණි.
පසුව පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා පොන්සේකා මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් ආරක්ෂක අංශ ප්‍රධානීන් හා රණවිරු පවුල්වලට අයත් ඥාතීන් මෙහිදී පුෂ්පෝපහාර දැක්වීමට එක්ව සිටියහ.





