මහනුවර ඇතිවූ කළබලාරී සිදුවීම්වලීන් පසු ඉස්ලාම් බැතිමතුන්ගේ සිකුරාදා දේව මෙහෙය පැවැති අද දිනයේ ප්‍රදේශ කිහිපයකම බෞද්ධ හිමිවරුන් ස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාවට පල්ලිවලට වැඩම කර සිටියහ.
අවිස්සාවෙල්ල ජුම්මා මස්ජිදයේ සිකුරාදා දේවමෙහෙය අවසන් වන තෙක් ප්‍රදේශයේ විහාරධිපති ස්වාමීන් වහන්සේ නමක් ආරක්ෂාවට වැඩමකර සිටියේය. වැලිගම හා රත්මලාන ආදී ප්‍රදේශ කිහිපයකම සිකුරාදා දේව මෙහෙයන් පැවැති අවස්ථාවට ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේලා වැඩම කළ සිටියහ.
තම ආරක්ෂාව වෙනුවෙන් වැඩම කළ බෞද්ධ හිමිවරුන් සුහදව පිළිගත් ඉස්ලාම් බැතිමත්හු තමන් වෙනුවෙන් පෙනී සිටීම ගැන එම ස්වාමීන්වහන්සේලාට ස්තුතිය පිරිනැමූහ.
ඉස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාවට ස්වාමීන්වහන්සේලා පල්ලියට වැඩම කරති
Recommended Articles