(ඉෂංක සුනිමල්)
විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම ඉහළ දමන ලෙස ඉල්ලමින් හා ශාස්ත්‍රීය විෂයයන් වල සිදුවන කප්පාදුවට විරෝධය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු මණ්ඩලය අද (04) ජනාධිපති ලේකම් කාර්යාලයට විරෝධතා පාගමනක් ගියේය.
ලෝටස් මාර්ගයේදී පොලීසිය විසින් මාර්ග බාධක දැමූ අතර විරෝධතාකරුවන් බාධක බිඳ දමා ඉදිරියට යාමට තැත්කිරීමේදී පොලීසිය ඔවුන්ට ජල ප්‍රහාර සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.










