ෂේන් සෙනෙවිරත්න
අධික වර්ෂාපතනය හමුවේ අංශක 45 ක බෑවුමකට අඩු ප්‍රදේශ වුව ද නාය යෑමේ අවදානමක් ඇති බවට හඳුනාගෙන ඇති හෙයින් එම ස්ථාන නැවත සිතියම්ගත කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.
ඉරිදා ලංකාදීපය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ එම සිතියම්ගත කිරීම දිස්ත්‍රික්ක 12 ක් කේන්ද්‍ර කර ගනිමින් ඉදිරි සති දෙකක කාලය ඇතුළත ආරම්භ කරන බවත් ඒ සඳහා ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයේ භූ විද්‍යාඥයන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ අධ්‍යයනාංශයේ ශිෂ්‍යයන් සහ තවත් කණ්ඩායම් සහභාගී කරවා ගන්නා බවත්ය.
සිතියම්ගතකරණ කටයුතු අවසන් වූ පසු ඒවා දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් අදාළ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දෙන බව ද අංශක 45ක බෑවුමකට අඩු ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව අවදානම් ස්ථාන හඳුනාගෙන ඒවා ගැන ජනතාව දැනුම්වත් කිරීමට එයින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවස්ථාව ලැබෙන බව ද මහාචාර්යවරයා කීවේය.
මහාචාර්යවරයා සමග කළ සම්පූර්ණ සාකච්ඡාව 17 වැනි පිටුවේ පළ වේ.

