’දුෂණ චෝදනා නැති පිරිසක් පලාත් පාලනවල ප්‍රථම පුරවැසිය විය යුතුයි’


(නිමල කොඩිතුවක්කු , ඡායාරූපය - ළහිරු හර්ෂණ )
 
දූෂණ චෝදනා නැති පිළිගැනීමක් සහ සුදුසුකම් ඇති පිරිස් පළාත් පාලන ආයතනවල පළමු පුරවැසියා ලෙස පත් කරන්නැයි දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින බව මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

පළාත් පාලන ආයතන කාර්යක්ෂමව සහ විනිවිද භාවයකින් පවත්වාගෙන යාමට නම් එවැනි පිරිස් සඳහා අවස්ථාව ලබාදිය යුතු බවද ඔහු කීය. 

මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේ දී මාර්තු 12 ව්‍යාපාරයේ අද පෙරවරුවේ කැඳවූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.