‘කැබිනට් සංශෝධනය කියා එකම කාඩ්පැක් එක අනනවා’ - මහින්ද


(චමිල් රුපසිංහ)

කැබිනට් සංශෝධනය කියා කිසි වෙනසක් නැති බවත් වෙන කාඩ් පැක් නොමැති නිසා එකම කාඩ් පැක් එක එහාට මෙහාට අනන බවත් එය කිසිම තේරුමක් නැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) ගැටඹේදි පැවසිය.

ගැටබේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීම සඳහා ගැටබේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදුටු අවස්ථාවේදී මාධ්‍ය‍වේදියකු නැගු පැනයට පිළිතුරු මෙසේ පැවැසිය.
ගැටඹේ රාජපෝවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල නාහිමියෝ එහිදි මෙසේ පැවසුහ.

අද රට දිහා බලපුවාම රටට නායකත්වයක් නෑ. රටම අද අරාජික වෙලා ජනාධිපතිතුමාට වැඩක් කරන්න දෙන්නෙ නෑ. අනික් මිනිස්සු වැඩක් කරන මිනිහව කපල දාලා ජනාධිපතිතුමාට උපදෙස් දෙන්නේ ඒ මනුස්සයව විනාස වෙන්න. දැන් අන්තිම භයානක තත්ත්වයක් රටේ තියෙන්නේ යැයි මහනාහිමියෝ පවසති.

මේ පණිවුඩය ජනතාව දුන්නේ එයාලට විතරක් නෙමේ මහජනතාව අනික්අයටත් එක්කයි මේ පාඩම ඉගැන්නුවේ. හරියට වැඩ නොකළොත් ඊළඟ ඡන්දෙදී අපි අනික් පැත්ත කියා ජනතාව කියන බවද ඒ නිසා ජනතාවට සුභදායක විදිහට හරි උපදෙස් අරගෙන ඔබලා ක්‍රියා කළ යුතු බවද නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

මේ අවස්ථාව සඳහා ශ්‍රී භාරති පිරිවෙන් විද්‍යානාධිපති ශ්‍රාසත්‍රවේදී අඹලියද්දේ සංඝරතන හිමියන්ද,මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාද සහභාගී වුහ.