ශ්‍රීලනිපය සහ එජාපය පෑලියගොඩ බලය පිහිටුවන්න යයි


(අංජුල මහික වීරරත්න)
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.

 
මැතිවරණ ක්‍රමයේ විවිධ වචන හුවමාරු සිදු වුවද දැන් ඒ අමනාපකම් නැතැයිද ෆොන්සේකා මහතා කීය.
 
කිසිම කෙනෙකු සමඟ තමාගේ පෞද්ගලික වෛරයක් නැති අතර පළාත් පාලන ආයතන මට්ටමින් පොහොට්ටුව වුවද හොඳ දෙයක් කරනවානම් ඊට සහයෝගය දිය යුතු බව ඇමතිවරයා කීය.
 
කැලණිය ප්‍රාදේශීය සභාවට සහ පෑලියගොඩ නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් පත් වු මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වෙමින් ෆොන්සේකා මහතා මේ බව කීය.
 
රාජගිරිය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේදී මේ දිවුරුම් දීම සිදු කෙරිණි.