නිමල කොඩිතුවක්කු
රතුපස්වල ජනතාවගේ කදුලූ විකුණා බලයට පත්වුනු වත්මන් ආණ්ඩුව තමන්ගේ වතුර ටික ආරක්ෂා කරගැනීමට පාරට බැස්ස තඹුත්තේගම ජනතාවට සිහි නැති වෙනතුරු පහර දුන් බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පැවසීය.
ජනතාවගේ ගැටලූ සඳහා වත්මන් ජාතික ආණ්ඩුවට ඇති එකම අවිය මර්දනය පමණක් බවත් අහිංසක ජනතාවට එල්ල කළ එම නින්දිත ප‍්‍රහාරය හෙලා දකින බවත් ඔහු කියා සිටියේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද කීය.
‘‘ රාජාංගනය වැව පානීය ජල ව්‍යාපෘතියකට පැවරීමට එරෙහිව විහාල විරෝධතාවයක් ඇතිවුනා. තඹුත්තේගම ප‍්‍රදේශයේ සංවිධානය කළ මෙම විරෝධතාවයට පොලිසිය ඉතාම අමානුශික ලෙස පහරදිමක් සිදුකලා. මේ වැව විදේශිකයන්ට ලබාදීම එරෙහිව තමන්ගේ ජල අයිතිය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් සටන් කළ ඒ රජරට ජනතාවට අපගේ ප‍්‍රණාමය අපි පුදකරනවා.
මේ යමපාලන ආණ්ඩුව අද ඒ මිනිස්සුන්ව සිරකරලා තියෙනවා. මේ ජනතාව එම ඓතිහාසික සටන ක‍්‍රියාත්මක කළේ මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් වසර 2500ක උරුමය වෙනුවෙන්. ඒ වෙනුවෙන් තමයි මේ අයට අද සිරබත් කන්න වෙලා තියෙන්නේ. මේ යමපාලන ආණ්ඩුව මේ ඇතුලට දැම්මේ මේ රටේ පෞරාණික උරුමය ආරක්ෂා කිරිම වෙනුවෙන් සටන් කරපු පිරිසක් කියන එක ඉතාම පැහැදිලියි.
මේ නින්දිත ප‍්‍රහාරය අපි හෙලා දකිනවා. පොලිසිය පමණක් නෙමෙයි මැරයින් යොදාගෙන තමයි මේ ප‍්‍රහාරය එල්ල කළේ. ඒ දර්ශන වල ඉතා පැහැදිලිව පොලූ අතින් ගත්ත මැරයො ඉන්නවා. ඔවුන් පොලීසියත් එක්ක හවුලේ මේ ජනතාවට පහරදෙනවා.
මේක තමයි අගමැතිතුමා නීතිය හා සාමය අතට අරගෙන වැඩ පටන් ගත්ත පලවෙනි දවස පනස් ගණනක් හිරේ දාලා, වයසක මිනිස්සුන්ගේ, කාන්තාවන්ගේ ඔලූ පලලා, සිහිනැති වෙනකම් පහරදීලා තමයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආන්ඩුව නීතිය හා සාමය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කළේ.
රතුපස්සල සිද්දිය ගැන ජනතා විමුක්ති පෙරමුණ ඉහලින්ම කතා කළා. දැන් ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ගම තඹුත්තේගමයි. වෙනසකට මුල පුරපු ආණ්ඩුව තමන්ගේම ගමේ ගොවියන්ට, තමන්ගේ හිතවතුන්ට පහරදිලා තියෙනවා. යනුවෙන්ද ඔහු පැවසීය.‘‘