රජකරවනවා යයි කී ගොවියාට ත්‍රස්තවාදීන්ට මෙන් පහර දුන්නා - එස්. එම්. රංජිත්


(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

ගොවියා රජකරවනවා යැයි ප්‍රකාශ  කළ යහපාලන ආණ්ඩුව සාමකාමී විරෝධතාවක නිරත වු රාජාංගනය ගොවි ජනතාව කුපිත කරවා  තස්ත්‍රවාදීන්ට මෙන් පහරදීම තමන්  දැඩි සේ හෙලා දකින බව උතුරු මැද පළාත් සභාවේ හිටපු  ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.

තඹුත්තේගම නගරයේදී ඊයේ (28)  පැවති ගොවිජන විරෝධතාවයට පහර දී ගොවීන් අත්අඩංගුවට ගැනීම පිළිබදව අදහස් දක්වමින් එස්. එස්. රංජිත් මහතා මේ බව පැවසුවේය.

බැදුම්කර වංචාව සිදුකළ හොරු  නිදැල්ලේ සිටියදී අයිතීන් ඉල්ලා සිටි ගොවියාට පහර දීම තමා දැඩි පිළිකුල් කරන බව රංජිත් සමරකෝන් මහතා වැඩි දුරටත් පැවසීය.