මනෝප්‍රිය ගුණසේකර
විදේශිකයෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් මහතාට මහබැංකු අධිපතිධූරය පිරිනැමුවේ ජනාධිපතිතුමා බැවින් බැඳුම්කර වංචාවට අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද වගකිවයුතු බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩු කටයුතු අවසන් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ මහතා මෙසේ කීය.
මේ දිනවල රෑට රෑට ජනාධිපති නිල නිවසේ දී අගමැති හා ජනාධිපති හොරගල් අහුලනවා යැයි ද ඔහු පැවසීය.
තවද පළාත් පාලන පවත්වා දින 10ක් ගතවී ඇතත් මේ වනතුරු රජයක් පිහිටුවා ගැනීමට බැරිව සිටීම පිළිබඳව ජනාධිපති හා අගමැතිවරයා ලැජ්ජා විය යුතුයැයි ද පැවසීය.