රංජන් කස්තුරි
අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන ඉරිදා දින සිදුවනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න අද පැවසීය.
සේනරත්න මහතා එලෙස කීවේ කළුතර මහ රෝහලේ අද පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
නීතිය හා සාමය අමාත්‍ය ධූරය ඔබට හිමි වන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා පැවැසුවේ “තිබෙන සාමය හොදයි” යනුවෙනි. සෞඛ්‍ය අමාත්‍ය ධුරය වෙනස් වන්නේ දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අතර එය ජනාධිපතිවරයාගේ තීරණයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
කැබිනට් සංශෝධනය ඉරිදා - ඇමැති රාජිත
Recommended Articles