මුදිතා දයානන්ද
පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය පිරිනැමිය යුතු යැයි ජාතික හෙළ උරුමයේ සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා අද (20) පැවසීය.
බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කොරළගේ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී මෙම මහා සභා රැස්වීම පවත්වනු ලැබිණි.
පළාත් පාලන මැතිවරණය සඳහා භාවිතා කළ මැතිවරණය ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය නොපවත්වන්නැයි රජයට යෝජනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහේෂ් අල්මේදා මහතා ගෙන ආ යෝජනාවට අදහස් දක්වමින් වර්ණසිංහ මහතා මේ අදහස් පළ කළේය.
දෙමළ ජාතික සන්ධානය සැබෑ විපක්ෂ කාර්යභාරය ඉටුකරන්නේ නැහැ. ඔවුන් බොහෝ විට කටයුතු කරන්නේ ආණ්ඩුවට පක්ෂපාති කණ්ඩායමක් ලෙසයි. ඒ වගේම ඔවුන් පෙනී සිටින්නේ උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් හා යම් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පමණයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය පිරිනැමිය යුතුයි.